පලාපල තරඟය (පළමු වටය)
Published on: 2016-02-16
පහත කේන්ද්‍ර සටහන මියගිය කාන්තාවකගේය. ඇය මියගිය ආකාරය හා කාලය පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂ්‍යය විග්‍රහයට අපෙන් තිළිණ. ජයග්‍රාහී හා තෝරාගත් විග්‍රහයන් අපගේ වෙබ් අඩවියේ පලකෙරේ.
- පළමු ත්‍යාගය සඳහා තරු කිරණ මෘදුකාංගයක් නොමිලේ.
- තවත් පස් දෙනෙකුට කැමැත්ත පරිදි රු. 3,000 ක් වටිනා ජ්‍යෝතිෂ්‍යය ග්‍රන්ථ කට්ටලයක් හෝ තරු කිරණ සඳහා රු. 10,000 ක වට්ටමක්.
- විශිෂ්ඨ ජ්‍යෝතිෂ්‍යය විග්‍රහයන් සඳහා සැනසිලි ත්‍යාග.
ඔබට කැමති ජ්‍යෝතිෂ්‍යය සම්ප්‍රධායක් (වේදීය ජ්‍යෝතිෂ්‍යය, ක්‍රිෂ්ණමූර්ති පද්ධතිය, ශ්‍රීපති පද්ධතිය හෝ බටහිර ජ්‍යෝතිෂ්‍යය) භාවිතා කළ හැක.
පිළිතුරේ නිරවද්‍යයතාවයට වඩා ඔබගේ පිළිතුර ජ්‍යෝතිෂ්‍යය ශ්‍රාස්ත්‍රානුකූල වීම අප විසින් වඩා අගයන බව සිහියේ තබා ගන්න. එහිදී මිය ගිය ආකාරය තොරා ගැනීමේ දී ඔබ භාවිතා කරන ලද ජ්‍යෝතිෂ්‍යය සිද්ධාන්ත පැහැදිලිව දක්වා තිබීම ඉතා වැදගත් වේ. පිළිතුරු බාර ගන්නා අවසන් දිනය මාර්තු 14 වේ. ජයග්‍රහණය පිළිබඳ අවසාන තීරණය සිග්මා ඩිජිටල් සමාගම සතුවේ.
සියළුම පිළිතුරු අතරින් නිවැරදි පිළිතුරු තෝරා ගන්නා නිසා ඔබගේ පිළිතුරු හෝ අදහස් ප්‍රසිද්ධියට පත්කිරීම ඔබටම අවාසිදායක විය හැක. ඒ නිසා ඔබගේ පිළිතුරු කමෙන්ට් ලෙස මෙහි සටහන් කරීමෙන් වලකින්න.
ජ්‍යෝතිෂ්‍යානු කූලව විග්‍රහයක් ඇතුලත් විය යුතුම නිසා පිළිතුර නිවැරදි වීම පමණක් අප සලකන්නේ නෑ. ඔබ පිළිතුරට ලඟාවූ ආකාරය ජ්‍යෝතිෂ්‍යය පදනමකින් විස්තර සහිතව දැක්විය යුතුයි. ජග්‍රහාකයන් තේරීමේදී මූලිකත්වය ලබා දෙන්නේ මරණය සිදුවූ ආකාරය නිවැරදිව තෝරාගැනීමටයි. කාලය වැදගත් කර ගනුයේ දෙවනුවටයි.
සම්පූර්ණ කේන්ද්‍ර සටහන මෙතනින් භාගත කරන්න.
Download - සම්පූර්ණ කේන්ද්‍ර සටහන
ඔබගේ පිළිතුර නම, ලිපිනය, දුරකථන අංකය සහ හැඳුනුම්පත් අංකය සමඟ “සිග්මා ඩිජිටල්, 6A/39, නව ගාළුපාර, කොරළවැල්ල, මොරටුව” ලිපිනයට හෝ info@tharukirana.com ඊමේල් ලිපිනයට යොමු කරන්න.