අපිව හඳුනාගන්න

අපි කවුරු ද?

Tharu Kirana is the first Sinhala Astrology Software in Sri Lanka. Being accurate & easy to use, it is being trusted by professional astrologers in Sri Lanka since 2006. Tharu Kirana is a living software and is continuously evolving with the feedback of its customers and professional astrologers. Updates and after sales customer support are provided free of charge to ensure customer satisfaction.

සිග්මා හඳහන, තරු කිරණ ආදී මෘදුකාංග මගින් ලාංකීය ජ්‍යෝතෂ්‍යය වේදීන්ගේ විශ්වාසය දිනාගනිමින් වසර 10කට වඩා ක්ෂේත්‍රයේ රැඳී සිටිනා ආයතනයකි. ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත‍්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක‍්‍රමවේදයන්හී ප‍්‍රවීන ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු තරු කිරණ සහ kendare.com මෘදුකාංග ශ්‍රී ලංකාවේ ඇති වඩා නිවැරදිම සහ විශ්වාසනීයම මෘදුකාංගයන් ලෙස අපට නොබියව පැවසිය හැක. අපගේ විශ්වාසනීය භාවය ගැන දහස් ගණනක් වූ අපගේ පාරිභෝගික ජ්‍යෝතිෂ්‍යයවේදීන් සාක්ෂි දරණු ඇත.

Card image cap

ජෙයා්තිෂ්‍යය ගණනය කිරීම්

වසර 6000ක සවිස්තර කේන්ද්‍ර සැකසීම. මුද්‍රණය කිරීම. ග්‍රහ ගෝචර ආදී විස්තර ලබා ගැනීම් සහිතයි.

Card image cap

පොරොන්දම් ගැලපීම

විසිපොරොන්දම් ගැලපීම, දස පොරොන්දම් ගැලපීම, අෂ්ඨ කූට, කුජ දෝෂ, විශ කන්‍යා යෝග, සුදර්ශන චක්‍රය ආදිය

Card image cap

වාස්තු විද්‍යාව

වාස්තු විද්‍යානුකූලව නිවසක් වර්ග කිරීම සහ මුද්‍රිත පිටපත් ලබා ගැනීම.

Card image cap

ලොව ඕනෑම තැනකට කෙන්ද්‍රය

ගූගල් මැප් හරහා ලෝකයේ ඕනෑම තැනකට නිවැරදිව වේලාකළාප සහ දිවාසුරැකුම් (daylight saving) කාල නිර්ණය ඉබේම සිදු කිරීම.

තරු කිරණ ක්‍රියාකාරීත්වය කෙටියෙන් (කාලය මිනිත්තු 10 යි.)

තරු කිරණ ක්‍රියාකාරීත්වය විස්තර සහිතව (කාලය මිනිත්තු 51 යි.)

මුදල් ආපසු දීමේ වගකීම

30 days moneyback guarantee

ඔබ තරු කිරණ මෘදුකාංගය මිලදී ගැනීමෙන් පසු වුවද, ඔබට මෘදුකාංගය අනවශ්‍ය යැයි සිතෙන්නේ නම්. දින 30ක් ඇතුලත මෘදුකාංගය අපවෙත ආපසු ලබා දීමෙන් ගෙවු සම්පූර්ණ මුදලම නැවත ලබාගන්න පුළුවන්.

Buy Online මිලදී ගන්න

30 days moneyback guarantee

අන්තර්ජාලය හරහා ඔබට තරු කිරණ මිලදී ගත හැක. අප හමුවී තව දුරටත් දැනුවත් වී මිලදී ගැනීමටද පුළුවන්.

Buy Now

නොමිලේ යාවත්කාලීනය

30 days moneyback guarantee

එක වරක් මුදල් දී ලබාගත් පසු යාවාත් කාලීන කිරීම් සඳහා මුදල් අය කරන්නේ නැත. තරු කිරණ දිනෙන් දින වැඩි දියුණු කරන අතර ඔබට එම ප්‍රතිඵල නොමිලේ ලබා ගත හැක.

වසර 10කට අධික අත්දැකීම්

30 days guarantee

තරු කිරණ ශ්‍රී ලංකාවේ පැරණිතම සක්‍රීය ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගය යි. තරු කිරණ භාවිතා කරන දහස් ගණනක් වූ ජෙයා්තිෂ්‍යය වේදීන් අපගේ සාර්ථකත්වය යි.

තරු කිරණට කළ හැකි දේ

  • පංචාංගය
  • භාව කේන්දරය (ශ්‍රීපති/ප්ලැසිඩස්)
  • ක්‍රිශ්ණ මූර්ති පද්ධතිය හා ක්‍රිශ්ණ මූර්ති ප්‍රශ්ණ කේන්දර (1-249)
  • ග්‍රහ දෘෂ්ටි, රාශි දෘෂ්ටි, ග්‍රහ යෝග, අස්ත ග්‍රහයන් ආදිය
  • තත්කාල හා ගෝචර කේන්දර සටහන්
  • උච්ච සතුරු මිතුරු නීචාදී ග්‍රහ බල හා බාල කුමාර තරුණ වෘධ ආදී අවස්ථා
  • උප ග්‍රහයන් (ගුලික,මාන්දි,කෝදණ්ඩ...,ධූම, ව්‍යාපත,ඉන්ද්‍රචාප,පරිවේශ ආදී)
  • විශේෂ ලග්න (භාව හෝරා ඝටී විඝටී ප්‍රාන පාද ශ්‍රී ඉන්දු ආදී ලග්න)
  • විශේෂ ස්ඵුට (ප්‍රාණස්ඵුට, දේහස්ඵුට, මෘත්‍යස්ඵුට, ත්‍රී ස්ඵුට ආදී)
  • සවජ්තෝබද්‍ර චක්‍රය, සුදර්ශන චක්‍රය, සූර්ය චක්‍රය, බ්‍රිඟු චක්‍රය, ගුරු චක්‍රය
  • දශා (යෝගිනී/විම්ශෝත්තරී දශා දේහ අන්තර් දශා දක්වා) 
  • නැකැත් තාර, ඒරාෂ්ඨක, වේද හා විපරීතවේද
  • වර්ග කේන්දර,යෝග, ආරූඩ පාද, අරගලා, චර කාරකත්ව, සහම, අෂ්ඨක වර්ග
  • සායන / නිරායන සඵුට 
  • සියළුම සටහන් සිංහලෙන් මුද්‍රණය කිරීමේ හැකියාව
  • ක්‍රි.පූ. 3000 සිට ක්‍රි.ව 3000 දක්වා වසර 6000ක කේන්ද්‍ර සැකසීමේ හැකියාව
  • අයානාම්ස සහ අනෙකුත් ගණනය කිරීම් වල වෙනස්කම් කිරීමේ හැකියාව
  • විදේෂ කේන්ද්‍ර සෑදීම
  • නොමිලේ යාවත් කාලීන කිරීම්
  • විසිපොරොන්දම් ගැලපීම
  • දස පොරොන්දම් ගැලපීම
  • අෂ්ඨ කූට
  • කුජ දෝෂ
  • විශ කන්‍යා යෝග
  • සුදර්ශන චක්‍රය
  • මුද්‍රිත පිටපත් වල ඔබේ නම/විස්තර ඇතුලත් කර අවශ්‍ය ආකාරයට සකසා ගැනීමේ හැකියාව
  • පංචාංග ශුද්ධිය ඇති කාලයන් සොයා දීම
  • දෙන ලද කාල පරතරයක් තුල නැකැත්, යෝග, තිථිය, කර්ණය, ‍හෝරාව ‍ආදිය ගෙවෙන කාලය බලා ගැනීම
අපේ BLOG අඩවිය

අලුත්ම ලිපි

ජයග්‍රාහකයන් (පලාපල තරඟය)

තරු කිරණ පලාපල තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග බෙදා දීම පසුගිය දා (මාර්තු 22 දා) තරු කිරණ වැඩමුළුව - 2016 දී සිදුකරන ලදී. එහිදී පළමු ත්‍යාගය සඳහා මුදලින් රු 30000ක් වටිනා තරු කිරණ මෘදුකාංගයක් නොමිලේ ලබා දුන් අතර අනෙකුත් ස්ථාන සඳහා රු 3000ක් වටිනා ජ්‍යෝතිෂ්‍යය ග්‍රන්ථ සහ සහ 5000ක් වටිනා වසරක් සදහා කේන්දරේ.com මෘදුකාංගය ද ලබා දුනි. ඉතිරි කොටස...

පලාපල තරඟය (පළමු වටය)

පහත කේන්ද්‍ර සටහන මියගිය කාන්තාවකගේය. ඇය මියගිය ආකාරය හා කාලය පිළිබඳව ඔබගේ ජ්‍යෝතිෂ්‍යය විග්‍රහයට අපෙන් තිළිණ. ජයග්‍රාහී හා තෝරාගත් විග්‍රහයන් අපගේ වෙබ් අඩවියේ පලකෙරේ. ඉතිරි කොටස...

ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු

මෙවන් විචාරයක් කළ යුතුව ඇත්තේ අප වැනි ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංග නිපදවීමේ සිටින ආයතනයක් විසින් නොව තෙවන පාර්ශවයක් විසිනි. එසේ වුවත් මේ වසර 10 තුල ඒ ගැන ලියවී ඇත්තේ අවම වශයෙනි. ජ්‍යෝතිෂ්‍යය මෘදුකාංගයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු බොහෝමයක් වේ. අපගේ අවබෝධය අනුව ඒවා එකිනෙක මෙහි සටහන් කරමු. ඉතිරි කොටස...

සියළුම පරිගණක පද්ධති සඳහා ක්‍රියා කරන ලොව ප්‍රථම වේදීය ජ්‍යෝතිෂ මෘදුකාංගය!

තරු කිරණ නිර්මාණය ආරම්භ කර දැනට වසර 9කට වඩා වැඩිය. ඒ කාලය තුල තරු කිරණ දිනෙන් දින වැඩිදියුණු වෙමින් අද පවතින තත්වයට පැමිණ ඇත. ඒ සමගම පරිගණක ලෝකයද සීඝ්‍රෙයන් වෙනස් විය. තරුකිරණ මෘදුකාංගය නව පරිගණක සහ නව පරිගණක පද්ධති සඳහා සහය දැක්වෙන ලෙස නැවත මුල සිට සැකසීමට අප අදහස් කළේ ඒ හේතුවෙනි. මේ වන විටත් මූලික තත්වයේ නව පරිගණක වැඩසටහනක් නිර්මාණය කිරීම සිදුවෙමින් පවතී. දැනට තරු කිරණ මිලදී ගත් අය සඳහා මෙම මෘදුකාංගයේ බීටා වෙළුම භාවිතා කළ හැක. ඉතිරි කොටස...

තරු කිරණ සිංහල ජෝතිෂ මෘදුකාංගය විශේෂ වන්නේ ඇයි?

ජ්‍යෝතිෂය මූලධර්ම හරිහැටි අවබෝධ කර නොගෙන නිර්මාණය කෙරුණු ජ්‍යෝතිෂය මෘදුකාංගයකින් සිදුවන්නේ ජ්‍යෝතිෂය ක්ෂේත‍්‍රයට හානියක් පමණි. එය අවබෝධ කරගත් අප හට, පෙර අපරදිග ජ්‍යෝතිෂය ක‍්‍රමවේදයන්හී ප‍්‍රවීණ ජ්‍යෝතිෂ වේදීන්ගේ අධීක්ෂණය යටතේ නිර්මාණය වුණු තරු කිරණ සිංහල ජ්‍යෝතිෂය මෘදුකාංගය සිංහලෙන් ඇති වඩාත් නිවැරදිම සහ විශ්වාසනීයම මෘදුකාංගය ලෙස අපට නොබියව පැවසිය හැක. අපගේ මාදුකාංගය මිලදී ගැනීම පිළිබඳ කිසිම විටක ඔබ අසතුටු නොවනු ඇති බව අපට විශ්වාසයි. ඒ නිසාම ඔබට මෙම මෘදුකාංගය අවශ්‍ය නොවේ යැයි හැඟේ නම්, මිලදී ගෙන දින 30ක් ඇතුලත නැවත අපෙන් ඔබ ගෙවූ මුළු මුදලම ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත. අප පරිගණකයෙන් සිංහල ජ්‍යෝතිෂය මෘදුකාංග නිර්මාණය කරනුයේ 2006 වසරේ සිටය. මෙහි ඇති විශ්වාසනීයත්වය සහ නිවැරදි භාවය නොවන්නට අපට මෙතරම් කලක් මේ ක්ෂේත්‍රයේ රැඳී සිටීමට නොහැකි වනු ඇත. එසේම තරු කිරණ මෘදුකාංගය දිනෙන් දින අප සංවර්ධනය කරන්නෙමු. අපගේ මෘදුකාංගය මිලදී ගත් අයට ඒ සංවර්ධනය කිරීමේ ප්‍රතිඵල නොමිලේම අප මෙතෙක් කල් ලබා දී ඇත. අප අමතා තරුකිරණ මෘදුකාංගය ඔබටම අත්හදා බැලීමට වේලාවක් වෙන් කර තරු කිරණට මෘදුකාංගයට කළ හැකි දේ ගැන වඩාත් නිවැරදිව දැනුවත් වන්න‍. ඉතිරි කොටස...
සියළුම ලිපි දක්වන්න

Call Us
අපට කතා කරන්න

තරු කිරණ මෘදුකාංගය ගැන වැඩි විස්තර දැන ගැනීම සඳහා හෝ අප හමුවීමට වේලාවක් වෙන් කරගැනීමට අප අමතන්න.

071 4108110

අලුත්ම විස්තර email කරවා ගැනීමට

තරු කිරණ පිලිබඳ අලුත්ම විස්තර ඔබගේ ඊමේල් ලිපිනයට ගෙන්වා ගැනීම සඳහා.

Subscribe

අපි සිටිනා තැන

Google Map of Sigma Digital, Moratuwa