ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ජ්‍යෝතිෂ මෘදුකාංගය · 2006 සිට

නිවැරදි ජ්‍යෝතිෂ ගණනය කිරීම් සහ AI පලාපල, සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන්.

2006 වසරේ සිට ජ්‍යෝතිෂවේදීන් 5000කට අධික පිරිසක් භාවිතා කරන ජ්‍යෝතිෂ මෘදුකාංග පෙළ

වසර 20ක් පුරා ජ්‍යෝතිෂවේදීන්ගේ විශ්වාසය දිනූ තරු කිරණ, දැන් වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ට සම්පූර්ණ workstation එකක් ලෙසත්, ඔබට සහ පවුලේ සැමට සරලව තේරුම් ගත හැකි AI පලාපල සේවාවක් ලෙසත් ලබාගත හැකියි.

දැනටමත් සාමාජිකයෙක්ද? Tharu Kirana Cloud download කරන්න · තරු කිරණ Cloud ගැන විස්තර දැනගන්න

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ජ්‍යෝතිෂ මෘදුකාංගය
2006
තරු කිරණ භාවිතා කළ ජ්‍යෝතිෂවේදීන්
5,000+
සියලු වර්ග කේන්දර, සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්
D-1 – D-144
Windows, macOS සහ Linux යන තුනෙහිම ක්‍රියා කරයි
3

එකම නිවැරදි ගණනය කිරීම්

ජ්‍යෝතිෂවේදීන් භාවිතා කරන නිවැරදිම ගණනය කිරීම් මත පදනම් වූ AI පලාපල.

Pro Workstation එකේ කේන්දර හදන නිවැරදි ගණනය කිරීම්ම AI පලාපල සඳහාත් යොදා ගැනේ. ජ්‍යෝතිෂවේදියෙකුට ගැඹුරු විස්තර සියල්ල ලැබෙන අතර, ජ්‍යෝතිෂය නොදන්නා කෙනෙකුට වුවද තම කේන්දරයේ පලාපල සරල සිංහලෙන් බලාගත හැකියි.

  • Pro Workstation උපදේශනයට අවශ්‍ය සෑම විස්තරයක්ම වර්ග කේන්දර, ෂඩ්බල, KP උප අධිපතීන්, මුහුර්ත සෙවීම සහ මුද්‍රිත කේන්දර.
  • තරු කිරණ ගණනය කිරීම් ශ්‍රී ලාංකික ජ්‍යෝතිෂයේ වසර විස්සක් NASA JPL ගණනය කිරීම් මත පදනම් වූ ග්‍රහ පිහිටීම්, අයනාංශ, දශා, පොරොන්දම් නීති සහ ග්‍රහ ගෝචර.
  • Personal එම කේන්දරයම, සරල සිංහලෙන් AI මගින් ග්‍රහ පිහිටීම් අනුමාන කරන්නේ නැත; තරු කිරණ මගින් නිවැරදිව ගණනය කළ කේන්දරයේ පලාපල පැහැදිලි කර දීම පමණක් සිදු කරයි.

ජ්‍යෝතිෂවේදීන් සඳහා

වෘත්තීය ජ්‍යෝතිෂවේදීන්ට අවශ්‍ය සියල්ල, එකම app එකක.

සියලු කේන්දර සහ මුද්‍රණ සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

  • කේන්දර සහ පංචාංගය

    රාශි සහ භාව කේන්දර, පංචාංගය, බලය සහ අවස්ථාව සමඟ ග්‍රහයන්, දෘෂ්ටි සහ යෝග.

  • වර්ග කේන්දර

    D-1 සිට D-144 දක්වා සියලු වර්ග, සුදර්ශන සහ සර්වතෝභද්‍ර චක්‍ර සමඟ.

  • දශා

    විම්ශෝත්තරී, යෝගිනී සහ අෂ්ටෝත්තරී දශා, සියුම් මට්ටම් දක්වා.

  • KP ක්‍රමය

    KP ප්‍රශ්න කේන්දර 1–249, Ruling Planets, Significators සහ KP දශා.

  • පොරොන්දම්

    චන්ද්‍රයා හෝ ලග්නය අනුව ශ්‍රී ලාංකික සහ ඉන්දීය පොරොන්දම්, අෂ්ට කූට, කුජ දෝෂ සහ තවත්.

  • මුහුර්ත සහ ලිත

    පංචාංගය, රාහු කාලය සහ ග්‍රහ වෙනස්වීම් සමඟ, කාල පරාසයක් තුළ සුබ කාල සොයන්න.

  • වාස්තු

    නිවසක් වාස්තු විද්‍යාවෙන් මැන, ප්‍රතිඵල ඔබේ පාරිභෝගිකයා වෙනුවෙන් මුද්‍රණය කරන්න.

  • නාම විශ්ලේෂණය

    නමක යෝනිය එහි ශබ්ද අනුව සොයන්න.

සියලු විශේෂාංග බලන්න →

Tharu Kirana Cloud ඇතුළත

Tharu Kirana Cloud තිර දසුන්

ඔබට අවශ්‍ය පරිගණකයක් සහ අන්තර්ජාල සේවාවක් පමණයි!

Tharu Kirana Cloud ගැන වැඩි විස්තර →
Magic Wheel: රාශි චක්‍රය හරහා ග්‍රහ මාර්ග මාසයක්, time slider එකක් සහ පියවර පාලක සමඟ
Magic Wheel: ග්‍රහයන් ගමන් කරන හැටි බලන්න
සිංහලෙන් KP කොටස: කේන්දරය, භාව සන්ධි, ග්‍රහයන්, Significators සහ KP දශා
සිංහලෙන් KP, නැතහොත් එක් ක්ලික් එකකින් ඉංග්‍රීසියෙන්
වර්ග කේන්දර සහිත Charts tab
සියලු වර්ග, D-1 සිට D-144 දක්වා
සියලු ග්‍රහයන් සඳහා අෂ්ටක වර්ග වගු
අෂ්ටක වර්ග, ග්‍රහයාගෙන් ග්‍රහයාට

Tharu Kirana Cloud හි පමණක්

Cloud මෘදුකාංගයේ පමණක් ඇති සුවිශේෂී හැකියාවන්.

Tharu Kirana 2.5 හි නැති නව මෙවලම්.

  • AI පලාපලය

    නිවැරදි ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම්ව AI මගින් පලාපල විග්‍රහ කරගැනීමේ හැකියාව. සෑම පලාපලයකටම අදාළ ග්‍රහ පිහිටීම් පැහැදිලිව පෙන්වන නිසා, ඔබේ ජ්‍යෝතිෂ දැනුමත් සමඟ වඩාත් නිවැරදි පලාපල කථනයක් කළ හැකියි.

  • Cloud Library

    ඔබේ ගිණුමේ පාරිභෝගික කේන්දර සුරකින්න, සොයන්න, tag කරන්න; දින 30ක trash එකක් සමඟ. ඔබේ .shdf සහ .shdm ගොනු import කළ හැක.

  • ඔබ සකසා ගන්නා dashboards

    Widgets ප්‍රමාණය වෙනස් කර සකසන්න, ප්‍රදේශ panes වලට බෙදන්න, text sizes පහකින් තෝරන්න සහ layouts සුරකින්න.

  • Copy සහ pop out

    ඕනෑම chart එකක් හෝ table එකක් image එකක් ලෙස හෝ text ලෙස copy කරන්න, නැතහොත් වෙනම window එකකට pop out කරන්න.

  • Settings profiles

    ගණනය කිරීමේ settings වල නම් කළ කට්ටල ඔබේ ගිණුමේ තබා ගන්න; සූදානම් starter profiles සමඟ.

  • සැමවිටම යාවත්කාලීන

    ගණනය කිරීම් අපගේ server එකේ සිදු වන අතර app එක තමන්ම update වේ; එබැවින් ඔබට සැමවිටම නවතම වැඩ ලැබේ.

ඔබට සහ පවුලේ අයට

ඔබේත් පවුලේ අයගේත් කේන්දර නිවැරදිව හදාගෙන, පලාපල සරලව දැනගන්න.

  • පවුලේ අයගේ කේන්දර: පස් දෙනෙකු දක්වා කේන්දර සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් හදා save කර තබා ගන්න.
  • පොරොන්දම් පරීක්ෂාව: ලංකාවේ ක්‍රමයට කේන්දර දෙකක් අතර විසි පොරොන්දම් සහ දෝෂ පරීක්ෂා කරගන්න.
  • AI පලාපල: රැකියාව, මිල මුදල්, විවාහය, අධ්‍යාපනය, දශාව සහ ඉදිරි වසර ගැන පලාපල (එකකට credit එකයි).
  • ග්‍රහ පිහිටීම් සහිත පැහැදිලි විග්‍රහයක්: සෑම පලාපලයකටම අදාළ ග්‍රහ පිහිටීම් සහ දශා කාලයන් පැහැදිලිව සඳහන් වන නිසා, ඔබේ පවුලේ ජ්‍යෝතිෂවේදියා සමඟ වුවද සාකච්ඡා කළ හැකියි.
පලාපලයකට ඇතුළත් දේ සමස්ත ජීවන පලාපලය
AI පලාපල විග්‍රහය
  1. 1 රැකියාව සහ ව්‍යාපාර
  2. 2 මිල මුදල් සහ ආර්ථිකය
  3. 3 පවුල, විවාහය සහ නිවස
  4. 4 ඔබ ගත කරන දශා කාලය සහ දින වකවානු

Credit මිලදී ගැනීමට පෙර සම්පූර්ණ නියැදි පලාපලයක් කියවා බැලීමට නොමිලේ ගිණුමක් සාදාගන්න.

පලාපල වර්ග අටක්, එකකට credit එකයි

  • සමස්ත ජීවන පලාපලය රැකියාව, මිල මුදල්, පවුල් ජීවිතය සහ ගෙවෙන දශා කාලය ගැන සම්පූර්ණ විග්‍රහයක්.
  • රැකියාව සහ ව්‍යාපාර රැකියාවේ දියුණුව, උසස්වීම් සහ නව පියවරක් තැබීමට සුබ කාලවකවානු.
  • මිල මුදල් සහ ආර්ථිකය ආදායම් මාර්ග, ඉතුරුම් සහ මුදල් අතින් කල්පනාකාරී විය යුතු කාල.
  • විවාහය සහ පවුල විවාහ ජීවිතය, දරුවන් සහ නිවසේ සමගිය.
  • අධ්‍යාපනය ඉගෙනීමේ කටයුතු, විභාග සහ දරුවෙකුට වඩාත් ගැළපෙන අංශ.
  • ගෙවෙන දශා කාලය දැනට ඔබ ගත කරන මහ දශාව සහ අතුරු දශා කාලවල පලාපල, දින වකවානු සමඟ.
  • ඉදිරි වසරේ පලාපල ග්‍රහ මාරු සහ ගෝචර ගමන් අනුව ඉදිරි මාස 12 ඔබට කෙසේ බලපායිද?
  • KP පලාපල විග්‍රහය කෘෂ්ණමූර්ති පද්ධතියට (KP) අනුව කේන්දරයේ සියුම් පලාපල විග්‍රහයක්.

පලාපල බලාගන්නා ආකාරය

  1. 1 උපන් විස්තර ඇතුළත් කරන්න උපන් දිනය, වේලාව සහ උපන් නගරය ලබා දෙන්න (පස් දෙනෙකු දක්වා). Time zone සහ පිහිටීම software එකෙන්ම ස්වයංක්‍රීයව සොයා ගනියි.
  2. 2 පලාපල වර්ගයක් තෝරන්න ඔබට දැනගැනීමට අවශ්‍ය ජීවිතයේ අංශය තෝරන්න. විනාඩියකින් හෝ දෙකකින් පලාපලය සූදානම් වේ.
  3. 3 කියවන්න, මුද්‍රණය කරන්න, තබා ගන්න සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කියවන්න, මුද්‍රණය කරන්න හෝ PDF ලෙස save කරගන්න. නැවත විවෘත කර බැලීම සම්පූර්ණයෙන්ම නොමිලේ.

කේන්දර ගැළපීම

මංගල යෝජනාවක් ඉදිරියට ගෙන යාමට පෙර පොරොන්දම් ගැළපේදැයි බලන්න.

කේන්දර දෙකම save කර, ජ්‍යෝතිෂවේදීන් භාවිතා කරන ශ්‍රී ලාංකික ක්‍රමවේදයටම පොරොන්දම් සහ දෝෂ පරීක්ෂා කරගන්න. අවසාන තීරණයක් ගැනීමට පෙර ඔබේ ජ්‍යෝතිෂවේදියාගේ උපදෙස් ලබාගන්න.

සැලසුම් සහ මිල ගණන්

ඔබේ Tharu Kirana Cloud සැලසුම තෝරන්න.

පෞද්ගලික කේන්දර සහ මාසික AI විග්‍රහ සඳහා Personal Track හෝ වෘත්තීය ජ්‍යෝතිෂ්‍ය වැඩ සඳහා Pro Workstation තෝරන්න.

Pro Workstation

වෘත්තීය ජ්‍යෝතිෂවේදීන් සඳහා

සීමා රහිතව කේන්දර save කිරීමේ හැකියාව, තත්කාල ප්‍රශ්න, පොරොන්දම්, ලිත, වාස්තු සහ මුද්‍රණ පහසුකම්.

මාස 3

LKR 9,900

කාලසීමාව සඳහා එක් වරක් ගෙවන්න

LKR 3,300 මාසයකට

සීමා රහිත කේන්දර · සියලුම වෘත්තීය අංග · $5.50 / Credits 15 reload

මෙම සැලසුම තෝරන්න
නිර්දේශිතයි

මාස 12

LKR 24,000

කාලසීමාව සඳහා එක් වරක් ගෙවන්න

LKR 2,000 මාසයකට

සීමා රහිත කේන්දර · සියලුම වෘත්තීය අංග · $5.50 / Credits 15 reload

මෙම සැලසුම තෝරන්න
සීමිත දීමනාව: අමතර වසර 2ක් නොමිලේ

වසර 5 (වසර 3 + 2 නොමිලේ)

LKR 60,000

කාලසීමාව සඳහා එක් වරක් ගෙවන්න

LKR 1,000 මාසයකට

සාමාන්‍යයෙන් වසර 3 · පසුව වසර 3කට අලුත් වේ

සීමා රහිත කේන්දර · සියලුම වෘත්තීය අංග · $5.50 / Credits 15 reload

මෙම සැලසුම තෝරන්න
Personal

ඔබට සහ පවුලේ භාවිතයට

ඔබේ කේන්දරය, සජීවී ග්‍රහ පිහිටීම් සහ මාසික AI කේන්දර පලාපල ලබා ගන්න.

දින 7 අත්හදා බැලීම → සදාකාලික නොමිලේ

නොමිලේ ගිණුම

LKR 1,700 නොමිලේ

දින 7 සම්පූර්ණ අත්හදා බැලීම · දින 8 සිට view-only (කේන්දර 2)

දින 7 සම්පූර්ණ අත්හදා බැලීම · දින 8 සිට view-only (කේන්දර 2)

මෙම සැලසුම තෝරන්න

Personal සහ Pro සැලසුම් සංසන්දනය

විශේෂාංගය / කොටසනොමිලේ ගිණුම (දින 1–7 → දින 8+)Personal Plus (B2C)Pro Workstation (මාස 3 / වසර 1 / වසර 5)
දායකත්ව ගාස්තුව0 LKR (සදාකාලික)$5.50 USD / මසකට (≈ 1,830 LKR)9,900 LKR / 24,000 LKR / 60,000 LKR
ඇතුළත් AI Credits0 credits (නියැදි AI පෙරදසුන)මාසිකව Credits 50 credits (මෘදුකාංගය පමණි)
AI Credit Top-Upsඅගුළු දමා ඇත (සැලසුමක් තෝරන්න)$2.50 USD / Credits 5 (~$0.50/credit)$5.50 USD / Credits 15 (~$0.37/credit)
සුරැකිය හැකි කේන්දරකේන්දර 2 දක්වා (දින 8+: view-only)කේන්දර 5 දක්වා සාදා වෙනස් කළ හැකසීමා රහිතව කේන්දර save කිරීමේ හැකියාව
තත්කාලය (සජීවී කේන්දරය)Server UTC පමණි (දිනය/වේලාව අගුළු)Server UTC පමණි (දිනය/වේලාව අගුළු)සම්පූර්ණ දිනය/වේලාව වෙනස් කිරීම
විවාහ පොරොන්දම්සජීවී UTC පෙරදසුන පමණිපූර්ණ ප්‍රවේශය (කේන්දර 5 දක්වා)සීමා රහිත + මුද්‍රණ වාර්තා
ලිත (පංචාංග සහ මුහුර්ත)අක්‍රියයි (Personal Plus / Pro අවශ්‍යයි)දෛනික පංචාංග, පංචාංග වෙනස්වීම් සහ රාහු කාලයමුහුර්ත ඇතුළු සම්පූර්ණ ප්‍රවේශය
Progression, වාස්තු සහ ශබ්දඅක්‍රියයි (Pro සඳහා පමණි)අක්‍රියයි (Pro සඳහා පමණි)සම්පූර්ණ ප්‍රවේශය
මුද්‍රණය සහ Brandingතිරයේ පෙන්වීම පමණිතිරය + AI සාරාංශ මුද්‍රණයආයතනික ලිපි ශීර්ෂ + මුද්‍රිත කේන්දර
  • ශ්‍රී ලංකාවේ බැංකු ගිණුමකින් මාරු කරන්න
  • මාරු කළ දින සිට එක් වැඩ කරන දිනයක් ඇතුළත ක්‍රියාත්මක වේ
  • ඔබගේ පළමු දායකත්වය දින 14ක් ඇතුළත දිගු සැලසුමකට මාරු කර මිල වෙනස පමණක් ගෙවන්න (එක් වරක්).

සෑම සැලසුමකටම ඇතුළත්

  • සියලු කොටස්: කේන්දර, KP, පොරොන්දම්, මුහුර්ත, වාස්තු සහ තවත්
  • .shdf සහ .shdm import සමඟ ඔබේ Cloud Library
  • සැලසුම සක්‍රීය කාලය පුරා යාවත්කාලීන
  • සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් මුද්‍රණය
  • දුරකථනයෙන් සහ WhatsApp හරහා අපගේ කණ්ඩායමේ සහාය

එක් සැලසුමක් එක් පරිගණකයකට පමණි.

කුමන මුදල් ඒකකයද?

ඕනෑම රටක සිට මිල ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින්. PayPal හරහා USD ගෙවීම ඉක්මනින්. සැලසුම් සහ app එක සමානයි.

බැංකු මාරු විස්තර → WhatsApp 071 410 8110

දායකත්වයක් ගන්නේ කෙසේද

  1. 1

    සැලසුම සහ මුදල් ඒකකය තෝරන්න

    මාස 1, මාස 3, මාස 12 හෝ වසර 5 තෝරා LKR වලින් ගෙවන්න.

  2. 2

    ගෙවන්න

    Checkout හි පෙන්වන ක්‍රමයකින් LKR වලින් ගෙවන්න, නැතහොත් Commercial Bank ගිණුමට මාරු කර රිසිට්පත අපට එවන්න.

  3. 3

    අපි ඔබේ ගිණුම සක්‍රීය කරමු

    කාඩ්පත් ගෙවීම් වහාම ද, බැංකු මාරු එක් වැඩ කරන දිනයක් ඇතුළත ද ක්‍රියාත්මක වේ. Password සැකසීමට email link එකක් එවමු; ඉන්පසු Tharu Kirana Cloud download කරන්න.

බැංකු මාරු විස්තර → මෘදුකාංගය භාවිතා කරන ආකාරයි →

internet නොමැතිව, හෝ පැරණි Windows පරිගණකයක වැඩ කළ යුතුද?

Tharu Kirana 2.5 තවමත් විකිණීමට ඇති අතර සහාය ද ලැබේ. එය තමන්ගේම බලපත්‍රයක් ඇති වෙනම නිෂ්පාදනයකි.

සම්පූර්ණ සැසඳීම බලන්න →

Tharu Kirana 2.5

Windows 8 හෝ ඊට පැරණි පරිගණක සඳහා සහ internet විශ්වාසදායක නොවන ස්ථාන සඳහා.

රු. 60,000 එක් වරක් ගෙවන ගාස්තුවකි. අලුත් කිරීමට කිසිවක් නැත.
Operating Systems
Windows
Internet
අවශ්‍ය නැත
USB යතුර
අප විසින් ලබා දේ, එය පරිගණයකට සම්බන්ධ කර තැබිය යුතුය.
පරිගණක
ඔබේ USB යතුර සමඟ ඕනෑම පරිගණකයක ස්ථාපනය කළ හැක

grantha.lk හරහා online, නැතහොත් දුරකථනයෙන්. මුදල් ආපසු නොලැබේ.

ඔබට ගැලපෙන්නේ කුමක්දැයි විශ්වාස නැද්ද?

ඉක්මන් ප්‍රශ්න තුනක්. ඔබේ පරිගණකයට සහ වැඩ කරන ක්‍රමයට ගැලපෙන සංස්කරණය අපි කියන්නෙමු.

අපගේ යෝජනාව

ප්‍රශ්න තුනට පිළිතුරු දුන් විට අපි සංස්කරණයක් යෝජනා කරන්නෙමු.

වසර විස්සකට පසුවත්, අපි තවමත් මෙය දියුණු කරමින් සිටිමු.

2006 සිට ජ්‍යෝතිෂවේදීන් 5,000කට අධික පිරිසක් තරු කිරණ භාවිතා කර ඇත. අපගේ වැඩ තවමත් නතර වී නැත.

  1. 2006

    ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ජ්‍යෝතිෂ මෘදුකාංගය ලෙස තරු කිරණ ආරම්භ වේ.

  2. අද

    Tharu Kirana 2.5 විකිණීමට ඇති අතර සහාය ද ලැබේ. Tharu Kirana Cloud 1.0 නිකුත් කර ඇති අතර නව වැඩ අවසන් වන විට තමන්ම update වේ.

  3. ඉදිරියේදී

    ඔබේ දුරකථනයට Tharu Kirana Cloud.

මිලදී ගැනීමට පෙර ප්‍රශ්න

තවත් ප්‍රශ්න → නැතහොත් අමතන්න 071 410 8110

නොමිලේ ඇගයීමක් තිබේද?

promotion එකක් පවතින විට පමණි. එවිට එයට අයත් සැලසුම් මෙම පිටුවේ එය පෙන්වයි.

මිලදී ගත් පසු සැලසුම upgrade කළ හැකිද?

ඔව්. පළමු දායකත්වය ආරම්භ වූ දින සිට දින 14ක් ඇතුළත, එක් වරක්, ඉහළ මිලක දායකත්වයකට යාමට මිල වෙනස පමණක් ගෙවන්න (යෙදුමේ account menu එකේ Upgrade). ඉන්පසු අවශ්‍ය සැලසුම සම්පූර්ණ මිලට මිලදී ගන්න: එය වර්තමාන දායකත්වය අවසන් වූ විට ආරම්භ වන අතර ස්වයංක්‍රීය අලුත් කිරීම එය අනුගමනය කරයි.

දායකත්ව මිල වෙනස් විය හැකිද?

USD විනිමය අනුපාතය අනුව මිල වසරකට වරක් වෙනස් විය හැක. වසර 5 දායකත්වයක මිල ගෙවූ වසර 5 කාලය සඳහා ස්ථිර වේ.

මට Cloud පරිගණක දෙකක භාවිතා කළ හැකිද?

එක් බලපත්‍රයක් එක් පරිගණකයකට පමණි. දෙවන පරිගණකයක් එක් කිරීමේ ක්‍රමයක් සැලසුම් කර ඇති අතර එහි මිල තවම තීරණය කර නැත. ඔබේ බලපත්‍රය නව පරිගණකයකට මාරු කිරීමට අපව සම්බන්ධ කරගන්න.

Cloud internet නොමැතිව ක්‍රියා කරයිද?

නැත. ගණනය කිරීම් අපගේ server එකේ සිදු වන නිසා Cloud සඳහා සැමවිටම සම්බන්ධතාවයක් අවශ්‍යයි. ඔබ බොහෝ විට internet නොමැතිව වැඩ කරයි නම්, Tharu Kirana 2.5 ඔබට වඩා ගැලපිය හැක.

Tharu Kirana 2.5 තවමත් විකිණෙනවාද?

ඔව්. එය තවමත් විකිණීමට ඇති අතර සහාය ලැබේ. එය තමන්ගේම බලපත්‍රයක් ඇති වෙනම නිෂ්පාදනයකි.

ශ්‍රී ලංකාවෙන් පිටත සිට මට එක්විය හැකිද?

දැනට ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සිටින සියලු පාරිභෝගිකයන් checkout හි ශ්‍රී ලංකා රුපියල් (LKR) වලින් ගෙවයි; PayPal හරහා USD ගෙවීම ඉක්මනින්. LKR ගෙවීම ඔබට සාර්ථක නොවුණොත් අප අමතන්න; වෙනත් ගෙවීම් ක්‍රමයක් සකස් කරමු.

මට මුදල් ආපසු ලබා ගත හැකිද?

නැත. නීතියෙන් අවශ්‍ය වන අවස්ථා හැර, දායකත්ව සඳහා ගෙවූ මුදල් ආපසු ගෙවනු නොලැබේ. ඔබට ගැලපෙන සැලසුම ගැන සැකයක් ඇත්නම්, ගෙවීමට පෙර 071 410 8110 අමතන්න හෝ [email protected] වෙත ලියන්න.

පරිගණකයෙන් ඈතද?

සංස්කරණ දෙකම ක්‍රියා කරන්නේ පරිගණකවලයි. දුරකථනය සඳහා kendare.com අද ඇති අතර Tharu Kirana Cloud ද ඉදිරියේදී පැමිණේ.

දැන් ලබා ගත හැක

kendare.com

තරු කිරණ නිර්මාපකයන්ගෙන්. ඔබේ දුරකථනයේ browser එකෙන් සිංහල, දෙමළ හෝ ඉංග්‍රීසි භාෂාවෙන් කේන්දර ගණනය කරන්න. මෙය වෙනම account එකක් සහිත වෙනම සේවාවකි.

kendare.com වෙත යන්න
ඉදිරියේදී

Tharu Kirana Cloud mobile

Tharu Kirana Cloud සඳහා දුරකථන app එකක් සැලසුම් කර ඇත. තවම නිශ්චිත දිනයක් නැති අතර එය desktop නිකුතුවේ කොටසක් නොවේ.

අපේ blog එකෙන්